Oct 25, 2020

ඡායාරූප මාධ්‍යවේදී ප්‍රියන්ත වික්‍රමාරච්චි අභාවප්‍රාප්ත වෙයි

ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නිදහස් ඡායාරූප මාධ්‍යවේයකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත වික්‍රමාරච්චි මහතා හදිස්සි හෘදයාබාධයකින් ඊයේ (24) අභාවප්‍රාප්ත විය.

ඔහුගේ අවසන් කටයුතු අද (25) දිනයේදී සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බවද වාර්තා වේ.

ඔහු මිය යනවිට 46 හැවිරිදි වියේ පසුවිය.

වේයන්ගොඩ නයිවාල ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියන්ත මහතා තිදරු පියෙකි.

ප්‍රියන්ත සිය ඡායාරූපකරණ වෘත්තිය ආරම්භ කළේ 2011 දී මව්බිම පුවත්පතෙනි.

ද සන්ඩේ ටයිම්ස් පුවත්පතට සම්බන්ධ වීමට පෙර ඔහු ජනයුගය පුවත්පතේ ද සේවය කර තිබේ.

 

 

 

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top