Oct 25, 2020

අනුර, රනිල්ගෙන් හරස් ප්‍රශ්න අහන්න හදන්නේ ඇයි?

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ ( 24 ) පස්වරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණියේය.

එහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දූෂණ විරෝධී කමිටුව පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ව්‍යාකූල බව ඔහු කියා සිටියේය.

අදාළ කැබිනට් පත්‍රිකාවට තමාගේ කිසිදු දායකත්වයක් නොමැති බවත්, රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට කැඳවා ඒ පිළිබඳ විමසීම වඩා උචිත බවත් අනුර කුමාර දිසානායක මහතා එහිදී කීය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමට තමාටත් අවස්ථාවක් ලබා දෙන්නැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කළේ ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top