Oct 25, 2020

අලුත්ගම, බේරුවල, පයාගල ප්‍රදේශවලට දිගටම ඇඳිරි නීතිය   Featured

අලුත්ගම, බේරුවල සහ පයාගල පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තුරු දිගටම පවතින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත්  දැනුම් දෙයි.

කෙසේවෙතත්, මීට කලින් යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා තිබුණේ හෙට (26) පෙ.ව. 5.00ට මෙම ප්‍රදේශ වලට ඇඳිරි නීතිය ඉවත් කරන බවයි.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයට මේ වනවිට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව පවතින බවද ඔහු පැවසුවේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (26) දින පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය ලබාදී ඇති අතර, එම දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා ද හෙට දිනයේදී විවෘතව තැබෙනු ඇත.

මේ සඳහා අවශ්‍යවන කාර්ය මණ්ඩලයට සිය ආයතනික හැඳුනුම්පත භාවිතකර අදාළ බැංකු ශාඛා වෙත පැමිණියහැකි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත්  දැනුම් දෙයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top