Oct 25, 2020

16 වැනි කොරෝනා මරණය කොළඹින් වාර්තා වෙයි

මෙරට සිදුවූ 16 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ අද (25) අළුයම කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් ඇති රෝගියෙකු කොවිඩ් ආසාදිතයෙකු බව මේ වන විට තහවුරු වී ඇති බවයි.

70 හැවිරිදි පුද්ගලයෙකු වන මෙම රෝගියා කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, රුධිරයට විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත ඔහුව පසුගිය 23දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

Info Press RE 347

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top