Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Feb 21, 2017

“යුධාධිකරණය වැරදි කරපු අයට විතරයි' - චන්ද්‍රිකා Featured

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවීමෙන් අන්තිම නරක දේවල් කරපු අයට මිස හැම යුද හමුදා නිලධාරියෙක්ටම යුද අධිකරණවලට යන්නේ වෙන්නේ නැතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (20) කොළඹදී පැවසුවාය.

''යුද හමුදාවේ සමහරු හිතනවා පිහිටුවීම නියමිත අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය හමුදාවේ අය යුද අධිකරණ වලට ගෙන යනවා කියලා. මෙය සම්පූර්ණ වැරදි මතයක් ''යැයිද හිටපු ජනාධිපතිනිය එහිදී කීවාය.

යුද්ධයෙන් පීඩාවට පත් වූ වින්දිතයින්ට සහන සැලසීම වෙනුවෙන් පිහිටවූ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීම මේවනවිට අවසන් අදියරේ පවතින බවත් එය මේ වසර තුළඳී ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත් හිටපු ජනපතිනිය කියා සිටියාය.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුව තුල සම්මතවී ඇතත්, එම කාර්යාලය පවත්වාගෙන යන්නේ කවරකු යටතේදැයි ජනාධිපතිවරයා විසින් මෙතෙක් ගැසට් කර නොමැත.

ජිනීවා සමුළුවට අදාලයි :
ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන් පිළිබඳ සොයා බලෙන කාර්යාලයක් ස්ථාපිත කිරීම මාර්තු මාසයේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට අදාළ කාරණයකි.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වූ පරිදි, අතුරුදන් වූවන් පිළිබඳ දේශපාලන කාර්යාලය පිහිටු වීමට මෙතෙක් කටයුතුකර නැති බව උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේශ්වරන් මහතා, පසුගියදා යාපනයේ සංචාරයක යෙදුන යුරෝපා සංගමයේ තානාපති මන් මාර්තිව් මහතා වෙත පැමිණිල්ලක්‌ කර තිබිණ.

සබැඳි පුවත් :
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය අගමැති යටතට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top