Oct 27, 2020

18 සහ 19 වැනි කොරෝනා මරණ වාර්තා වෙයි : අදට මරණ 3යි (Update)

(Update) - මෙරටින් වාර්තා වන 18 සහ 19 වැනි කොරෝනා ආසාදිත මරණ අද (27) වාර්තා වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වු කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකු හා වයස අවුරුදු 75ක් වන කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වේ.

-------------- අවසන් යවත්කාලීන කිරීම -  අඟහරුවාදා, 27 ඔක්තෝම්බර් 2020 13:32 --------------

17 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි: දින 5ට මරණ 4යි

මෙරටින් වාර්තා වන 17 වැනි කොවිඩ් - 19 ආසාදිත මරණය අද (27) වාර්තා වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වු ජා ඇළ ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි.

පසුගිය ඔක්තෝබර් 22 වැනිදා සිට මේ දක්වා දින 5 තුළ Covid-19 ආසාදනයවීම හේතුවෙන් සිවුදෙනෙකු මිය ගොස් තිබේ.

ඊට පෙර Covid-19 ආසාදනය වී පුද්ගලයකු මියගොස් තිබුණු පසුගිය සැප්තැම්බර් 14 වැනිදාය.
 
එය මෙරටින් වාර්තා වූ 13 වැනි මරණයයි.
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top