Oct 27, 2020

කොළඹින් සොයාගත් කොරෝනා රෝගීන් 937 ඇත්ත කතාව - වෛද්‍ය රුවන්

කොළඹ නගරයෙන් දින 9ක් තුළ Covid-19 ආසාධිතයින් 937 දෙනකු වාර්තා වී ඇතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුනි මහතා කියයි.

පෑලියගොඩ පොකුරෙන් 337ක් වාර්තා වූ බවත්, ඔවුන්ගේ පලමු පෙළ ආශ්‍රතයින් 4000ක ගේ සිදු කළ පී සී ආර් පරීක්ෂණ වලින් තවත් Covid-19 ආසාදිතයන් 600ක් හඳුනාගෙන ඇතැයි ඔහු කියා සිටී.

ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම රෝගීන් ප්‍රමාණය (937) එක් දිනක් තුළ වාර්තා වූ බවට අසත්‍යය පුවතක් ප්‍රචාරක් පැතිර තිබේ.

මේ අතර, වෛද්‍ය විජේමුණි මහතා නිවැරදි සත්‍ය පුවත් වාර්තා කරන ලෙස මාධ්‍යයෙන් ඉල්ලීමක් ද කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top