Oct 28, 2020

පිටකොටුවේ තොග වෙළඳසැල් පැය 09ක් ඇරෙයි

පිටකොටුව ප්‍රදේශයේ පිහිටි තොග වෙළදසැල් දිනපතා උදෑසන 5 සිට දහවල් 2 දක්වා විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.

රටතුල පවතින අවදානම් තත්වය හමුවේ සියයට 50 ක සේවක සංඛ්‍යාවක් පමණක් සහභාගී කර ගනිමින් මෙම තොග වෙළදාම් කටයුතු සිදුකරන බව පිටකොටුව තොග වෙළද සංගමයේ ලේකම් එන් ඉලමනාදන් මහතා කියා පවසයි.

මහජන සෙඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරන්තර අධීක්ෂණය යටතේ සෞඛ්‍යාරක්ෂිතව වෙළදාම් සිදුවෙන අතර සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොග අඩුවකින් තොරව පිටකොටුව තොග වෙළදසැල්වල පවතින බවද ඒ මහතා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top