Oct 28, 2020

බස් හිමියන්ට සහ මගියන්ට දැනුම් දීමක් Featured

සියලුම බස් රථ තුළ මගීන්ට පැහැදිලිව පෙනෙන සේ බස් රථයේ අංකය ප්‍රදර්ශනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා බස් රථ හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.

එසේ ම, බස් රථයේ ගමන් ගන්නා මගීන්ට එම අංකය සටහන් කරගන්නා ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මගීන්ට දැනුම් දෙයි.

තව ද තමන් බස් රථයක ගමන් ගන්නා විට ගමන් කරන වෙලාව ආදිය ද සටහන් කොට තබාගන්නා ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියි.

යම් හෙයකින් බස් රථයක ගමන් ගත් මගියෙකු ආසාදිතයෙකු ලෙස වාර්තා වුවහොත් එවැනි අවස්ථාවක කරන දැනුම්දිමකදී එම බස් රථයේ ගමන් ගත් මගීන් සොයා ගැනීම ඉන් පහසු වනු ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top