Oct 28, 2020

ගම්පහ ප්‍රදේශයන් කීපයකට ඇදිරි නීතිය ඉවත් කරන්න යයි

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ඇතැම් ප්‍රදේශවල රෝගීන් වාර්තා නොවීම හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත්කිරීමට හැකියාවක් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයන් වාර්තා නොවන වේයන්ගොඩ ඇතැම් පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත්කිරීමට අවශ්‍ය කරුණු අධීක්ෂණය කරමින් සිටින බවද වාර්තා වේ.

ඇතැම් ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා නොතිබුණද අත්‍යාවශ්‍ය කරුණකට හැරුණු කොට දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top