Oct 28, 2020

පාඩු ලබන ITN එකේ සභාපති මසකට 265,000ක කුලියට ජීප් එකක් අරගෙන Featured

මේ වනවිටත් පාඩු ලබන ආයතනක් ලෙස දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති සුදත් රෝහණ මහතාගේ පාවිච්චියට මසකට රුපියල් දෙලක්ෂ හැටපන්දහසක (රු.265,000) මුදලක් ගෙවා කුලියට මෝටර් රථයක් ගැනීම සම්බන්ධයෙන් එහි සේවකයන්ගේ විරෝධය මතුව ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ස්වාධීන රූපවාහිනී ආයතනයේ  සභාපතිවරයාගේ පරිහරණයට මෙසේ ගෙන ඇත්තේ ලෑන්ඩ් කෲසර් වර්ගයේ (NW CPA 7744) මෝටර්රථයකි.

ඔහු අදාළ ජීප් රථය කුලියට ගෙන ඇත්තේ සභාපතිවරයා වෙනුවෙන් නිසාන් බ්ලූබර්ඩ් වර්ගයේ නවීනතම මෝටර් රථයක් ආයතනය විසින් වෙන්කර තිබියදීය.

දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ස්වාධීන රූපවාහිනී ආයතනයට ටෙලිනාට්‍ය සැපයූ නිෂ්පාදකයන් වෙනුවෙන් රුපියල් මිලියන 160කට වැඩි මුදලක් මේවන විට ගෙවීමට ඇති බවත් එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම, එහි සේවකයන්ගේ වැටුප් සඳහා මසකට රුපියල් මිලියන 150ක් වැයවන බවත්, එහි ආදායම ලෙස ලැබෙන්නේ රුපියල් මිලියන 60ත් 80ත් අතර මුදලක් බවද පැවසේ. ඒ අනුව එහි සාමාන්‍ය මාසික ආදායම රුපියල් මිලියන 70ක මධ්‍යන අගයක් ගන්නා බවද වාර්තා වේ.

මේ අතර, ස්වාධීන රූපවාහිනිය නඩත්තු කිරීමට මාසිකව රුපියල් 40ක් භාණ්ඩාගාරයෙන් ලබාදෙන බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සුදත්ගේ අලුත් ටෙලිය!

සුදත් රෝහණ මහතාගේ අනුදැනුම මත ස්වාධීන රූපවාහිනියට අලුත් ටෙලියක් නිර්මාණය වෙමින් ඇතැයි ද පැවසේ.

චම්පා ශ්‍රියානි එහි ප්‍රධාන චරිත මවන අතර, පසුගිය දිනවල අනුරාධපුර ප්‍රදේශයේදී එහි රූගත කිරීම් සිදුකෙරුණු බවද වාර්තා වේ.

පරඬැල් ලෙස නම් කර ඇති එම ටෙලියේ අධීක්ෂන කටයුතු වලට සුදත් රෝහණ මහතාද සහභාගිවූ බව මේ අතර වාර්තා වේ.

රාජ්‍ය මාධ්‍යට උචිත නැති වැඩ

මේ අතර, ස්වාධීන රූපවාහිනියේ වෙබ් අඩවිය එම ආයතනයට උඩිත නොවන ආකාරයට මාධ්‍ය භාවිතා කරන බවට ද පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ විවේචන එල්ලවී තිබිණි.

ITN1 670px 20 10 28

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top