Oct 28, 2020

පානදුර නගරාධිපතිගේ රියදුරුටත් කොරෝනා

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගිය පානදුර නගරාධිපතිවරයාගේ රියදුරුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් පානදුර නගර සභා පරිශ්‍රයට පිවිසීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මේ අතර වාද්දූවේ පදිංචි යුද හමුදා සිවිල් සේවකයෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

එසේම මාළු මිලදී ගැනීමට පෑලියගොඩට ගිය ජා-ඇළ සහ කඳාන ප්‍රදේශවල වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් 73කට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග ඊයේ රාත්‍රියේ දී ඔවුන්ව රෝහල්ගත කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top