Oct 28, 2020

නිවෙස්වල නිරෝධායනය වන අයට ආහාර මල්ලක් Featured

හෙට (28) මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා එනම් නොවැම්බර් 02 වැනිදා අලුයම 5 දක්වා  බස්නාහිර පළාතටම නිරෝධායන ඇදිරි නීතිය පණවන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇදිරි නීතිය පැණවුවද අත්‍යවශ්‍ය සේවාවන් හී නියුතු පුද්ගලයන්ට බාධාවකින් තොරව ගමන් කළ හැකි බව ඒ මහතා සඳහන් කරයි.

බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් හා ඖෂධ සැල් හෙට උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා කාළය තුල විවෘතව තැබිය හැකි බවද ආසාදිතයන්ගේ ආශ්‍රීතයන් ලෙස හදුනාගෙන සෞඛ්‍ය අංශ උපදෙස් මත නිවෙස්වෙල නිරෝධායන වන පුද්ගලයන්ට ආහාර මල්ලක් ලබාදිමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන බවද යුද්ධ හමුදාපතිවරයා අවධාරණය කළේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top