Oct 28, 2020

තවත් කොරෝනා රෝගීන් 124ක් (Update)

දිවුලපිටිය - පෑලියගොඩ පොකුර ආශ්‍රිතව කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 124 දෙනෙකු අද දිනයේදී (28) හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම හමුවූ ආසාදිතයන් මෙසේය :

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින්නන් - 18
පෑලියගොඩ මතස්‍ය වෙළඳසැල ආශ්‍රිතයන් - 106

අද දිනය තුළ මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 335ක් වන අතර, ඒ අනුව දිවුලපිටිය - පෑලියගොඩ පොකුර මේ වන විට 5,731ක් දක්වා වර්ධනය වී තිබේ.

Info Press RE 358

------------------(අවසන් යවත්කාලීන කිරීම -Wednesday, 28 October 2020 22:07)

 ආසාදිතයන් ගණන නමදහස පන්නයි: තුන් මස් බිළිඳියකටත් කොරෝනා

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (28) මේ වනවිට ආසාදිතයන් 211දෙනෙකු එකතු වී තිබේ.

මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් ගණන 5396ක් වන අතර, අද හඳුනාගත් පිරිස සමඟ එම පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 5607 දක්වා ඉහළ ගොස් ඇත.

අද හඳුනාගත් පිරිසෙන්, 9දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වන අතර, සෙසු 202දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයෝ වෙති. මෙම ආසාදිතයන් 202දෙනා අතරින් 140දෙනෙකු වාර්තා වන්නේ දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලිනි.

මාස තුනක බිළිඳියකටක් කොරෝනා

මේ අතර, මතුගම වලල්ලාවිට ප්‍රදේශයේ වයස මාස 3ක බිළිඳියකට Covid -19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

වලල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න අතුකෝරාළ මහතා සඳහන් කළේ මේ වනවිට හුදකලාකර ඇති වලල්ලාවිට මාකලන්දාව ප්‍රදේශයේ බිළිඳියක් Covid-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බවය.

එම බිළිඳියගේ මවට ද Covid -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙම බිළිඳිය සහ මව ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.

 

 

Info Press RE 357

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top