Oct 29, 2020

පොම්පියෝ ගේ විලෝපීය කතාවට චීනයෙන් පිළිතුරු Featured

චීනය “විලෝපිකයෙකු” ලෙස කටයුතු කරන අතරතුරදී, ඇමෙරිකාව “මිතුරෙකු හා හවුල්කරුවෙකු” ලෙස පැමිණෙන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි.

ඔහු මෙලෙස පවසා තිබුණේ ඊයේ (28) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මීට ප්‍රතිචාර දක්වමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණි.

Aliens Vs Predator චිත්‍රපටයේ පෝස්ටරයක් සමග කෙටි සටහනක් එක්කරමින් චීන තානාපති කාර්යාලය පවසා තිබුණේ ශ්‍රී ලංකා - චීන සබඳතා හා මිතුදම් වර්ධනය කිරීමේ කර්තව්‍යයේ කාර්යබහුල වන තමන් ඇමෙරිකාව විසින් Aliens Vs Predator ක්‍රීඩාවකට සිදු කළ ආරාධනය පිළිබඳව උනන්දුවක් නොදක්වන බවයි. සෑමවිටම මෙන් එකවර භූමිකා දෙකක් රඟදැක්වීමට ඇමෙරිකාවට හැකි බවද එහි වැඩිදුරටත් දැක්වේ.

Chaina Screenshot 2020 10 28 at 23.54.15

මේ අතර, අද දිනයේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා හමුවූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අවධාරණය කර තිබුණේ බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළද එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිරව නැති බවයි.

සබැඳි පුවත් :
ලංකාව චීන ණය උගුලක පැටලී නැතියි ජනපති පොම්පියෝට කියයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top