Oct 29, 2020

ඇඳිරි නීතිය දැම්මත් උසස් පෙළ සුපුරුදු පරිදි Featured

බස්නාහිර පළාත ඇතුළු අනිකුත් ප‍්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවත් අනිද්දා (31) සුපුරුදු පරිදි උසස් පෙළ විභාගය පැවැත්වෙනු ඇත.

අනිද්දා පෙරවරුවේ ගිණුම්කරණය, අරාබි, චීන විෂයන් සඳහා සිසුන් 76,000ක් පමණ පෙනී සිටීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

මෙම සෑම සිසුවකුම පාහේ තම දෙමාපියන් මාර්ගයෙන් හෝ වෙනත් ආකාරයේ ප‍්‍රවාහන පහසුකම් මාර්ගයෙන් විභාගයට පැමිණෙන බව නිරීක්ෂණය වූ බවද ඒ අනුව ඔවුන් සුදු ඇඳුමෙන් පැමිණීම සහ විභාග අයදුම්පත‍්‍රය රැගෙන පැමිණීම ඇඳිරිනීති බලපත‍්‍රය ලෙස සලකන බවද ඒ මහතා සඳහන් කරයි.

විභාගයට පැමිණෙන ගුරුවරුන් සඳහා ප‍්‍රවාහන දීමනාවක් අනුමත කරගෙන ඇති අතර ඒ අනුව ගුරුභවතුන්ට අධ්‍යාපන අමාත්‍යාංශ විසින් ප‍්‍රවාහන දීමනාව ගෙවීමට කටයුතු කරයි.

විභාග කාලයට අනුව දුම්රිය සුපුරුදු පරිදි ධාවනය කිරීමට කටයුතු යොදා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top