Oct 29, 2020

ළමුන්ව ඉලක්ක කර අසභ්‍ය දෑ YouTube දාන නාලිකා ගැන පැමිණිලි

ළමුන් ඉලක්ක කරගනිමින් අසභ්‍ය දෑ යූ ටියුබ් ජාලයට මුදාහරින යූ ටියුබ් නාලිකා කිහිපයක් පිළිබද ශ්‍රී ලංකා පොලිසියට මෙන්ම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට පැමිණිලි කළ බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.

නිරෝධායන ඇදිරි නීතිය හමුවේ දරුවන් බොහෝ දෙනෙක් නිවෙස්වල පසුවන බැවින් ඇතැම් පිරිස් ඔවුන් ඉලක්ක කර ගනිමින් මෙවැනි ක්‍රියා සිදුකරන බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙයි. 

මෙවැනි අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top