Oct 29, 2020

නව ගුවන් හමුදාපති සුදර්ශන

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා නම්කර ඇතැයි වාර්තා වේ.

වත්මන් ගුවන් හමුදාපති සුමංගල ඩයස් මහතා ලබන මස 02 වැනිදා විශ්‍රාම යාමට නියමිත බැවින් මේ පත් කිරීම සිදු කර ඇති බව පැවසේ.

1987 වසරේ ජනවාරි මස 02දා ගුවන් හමුදා නියමු නිලධාරියකු ලෙස පත්වූ ඒ මහතා ගුවන් හමුදා කෆීර් ප්‍රහාරක බළගණයේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිවු වැනි ඊළාම් යුද්ධය නිමාවට පත් කිරීමට ක්‍රියාකළ දක්ෂ නිලධාරියෙකි.

චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති, රත්මලාන කඳවුරේ අණදෙන නිලධාරි ඇතුළු තනතුරු රැසක් හොබවා ඇති ඒ මහතා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ ආරක්ෂක හමුදා සම්බන්ධීකරණ නිලධාරියකු ලෙසද කටයුතු කළ වීරත්ව සම්මාන රැසකින් පිදුම් ලබා සිටින නිලධාරියෙකි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top