Oct 29, 2020

20ට කථානායක අත්සන් කරයි - අද සිට නීතියක් වෙයි Featured

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අත්සන් තබා තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සම්මත වු 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද සිට නීතියක් බවට පත්වන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මහ ලේකම් සහ නියෝජ්‍ය මහ ලේකම්වරුන් ඉදිරියේදී කෙටම්පතට අත්සන් තබා තිබේ.

20 වැනි ව්‍යවස්ථා පනත් කෙටුම්පත අදාළ ඡන්දයේදී පසුගියදා පාර්ලිමේන්තුවේදී 3 න් 2 ක බහුතර ඡන්දයෙන් සම්මත විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top