Oct 29, 2020

දොම්පේ කර්මාන්ත ශාලාවක 400ක් නිරෝධායනයට Featured

දොම්පේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 400 දෙනකු අද (29) ස්වයං නිරෝධායනයට යොමු කල බව දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එස්. බණ්ඩාරනායක මහතා පැවසීය.

කපුගොඩ ගන්දර පිහිටි  මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීමෙන් පසු එම කර්මාන්ත ශාලාවේ අංශ දෙකක සේවයේ නියුතු පිරිසක් මෙලෙස නිරෝධායනයට යොමු කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top