Pasidol
Sathosa Ad Final Sinhala
Feb 21, 2017

ඕලෙවල්වත් නැති මානව සම්පත් කළමනාකරු Featured

කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ වැඩබලන මානව සම්පත් කළමනාකරු වන හර්ශාන් ද සිල්වා නැමැත්තා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන්ද අසමත්වූවෙකු බව වාර්තා වේ.

ඔහු රාජ්‍ය සේවයට එක්ව ඇත්තේ 1987 වසරේදී වන අතර එකළ රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අවම සුදුසුසුකම් ලෙස සිංහල හා ගණිතය ඇතුළුව විශයන් 6කින් සමත් වීම අනිවාර්ය වී තිබිණි.

කෙසේවුවද, ඔහු 1979 වසරේදී අධ්‍යාපන පොදු සහතිකපත්‍ර විභාගයට පෙනී සිටිමින් ලබාගෙන ඇත්තේ සම්මාන 2ක් හා සාමාන්‍ය සර්ථ 5කි. එසේම එවර ඔහු ගණිතය විශය අසමත්ව තිබේ.

ඔහුගේ ප්‍රතිඵලය පහත දැක්වේ.
olDoc 001

ඔහු සාමාන්‍ය පෙළ අසමත් අයකු බව විගනකාධිපති දෙපාර්තමෙන්තුව විසින් පවත්වන විගණන විමසුමකදීද හෙළිව තිබේ. ඊට අදාළ ලියවිල්ල පහත දැක්වේ.
ODoc 002 01 1

ODoc 002 01 2

ODoc 002 01 3

කෙසේවුවද, ඔහු කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සහකාර ව්‍යාපෘති කළමනාකරුවකු ලෙස සේවයට එක්වන අවස්ථාවේදී ඔහු පෞද්ගලික සටහන් වාර්තාවට ව්‍යාජ තොරතුරු ලබාදී තිබේ.

හර්ෂාන් උසස් පෙළ සමත් බව එහි දක්වා තිබේ. (ඔහුගේ පෞද්ගලික සටහන් වාර්තාව පහත දැක්වේ.)

Doc 003

අභ්‍යන්තර විගණකයකදී හර්ෂාන් උසස් පෙළට පෙනී නොසිටි අයෙක් බව තහවුරු වන සටහනක් පහත දැක්වේ.


Doc 004 01


Doc 004 002

හර්ෂාන්, විසින් සිදුකරන ලද තවත් අයථා කටයුතු අප ඉදිරියේදී පළ කරන්නෙමු.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top