ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ මෙම පරීක්ෂණ කොමිසමේ සාමාජිකයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි , ප්‍රසන්න සුජිව ජයවර්ධන යන මහත්වරුන් සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ මහතා කටයුතු කරයි.
බැදුම්කර ගනුදෙනුව පිළිබද සිදුකරන විමර්ශනයට අදාළව තවදුරටත් සාක්ෂි විමසීම සදහා වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට හෙට දිනයේ (20දා) ද ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇතැයි වාර්තාවේ.
update-02.35pm
----------------------------------------------------------------------------------------
කුමාරස්වාමි බැඳුම්කරයට සාක්කි දෙන්න පමාවෙයි
මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා බැදුම්කර නිකුතුව පිළිබඳව පැවැත්වෙන ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවේ සාක්කි දීමට පැමිණ ඇත්තේ පැය භාගයක පමණ වේලාවක් ප්‍රමාද වී බව වාර්තා වේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡාවක් හේතුවෙන් ඔහු මෙසේ ප්‍රමාදවී ඇති බව පැවසේ.
මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පැමිණිමෙන් පසු පෙරවරු 10.45 ට පමණ කොමිසමේ වැඩ ආරම්භ කර තිබේ.
Last modified on Tuesday, 21 February 2017 14:44
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362