තම අන්‍යතාවය හෙළිනොකරන ලෙස ඉල්ලා සිටි එම මන්ත්‍රීවරයා, කෙසේවුවද එවැනි ශ්‍රීලනිප අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කල බවද කීය.
එම අමාත්‍යවරුන් දෙදෙනා වන්නේ සුසිල් ප්‍රේම්ජයන්ත් සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා කරන ප්‍රකාශයත් එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා කරන විවේචනත් මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සැලකිල්ලට ලක්ව ඇති ප්‍රධාන අමාත්‍යවරයා වන්නේ ඉසුර දේවප්‍රිය මහතායි.
ඔහු විසින් දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය විවේචනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට තීරණය වී ඇත.