Nov 14, 2020

කොළඹ ප්‍රදේශ කිහිපයක් හා කැළණිය LOCKDOWN Featured

මේවන විට කොළඹ හුදෙකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති පොලිස් වසම් 12ට අමතරව තවත් පොලිස් වසම් පහක් හුදෙකලා ප්‍රදේශ වශයෙන් සඳුදා පෙරවරු 5.00 සිට නම් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටී.

ඒ අනුව, මරදාන, කොටුව , පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ලවීදිය ලබන සඳුදා (16) අලුයම 5.00 සිට හුදෙකලා (Lockdown) කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශයත් නොවැම්බර් 16 සඳුදා අලුයම 5 සිට හුදකලා ප්‍රදේශයක් බවට පත් කිරීමට තීරණය කර ඇති බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති ප්‍රදේශවලින් තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස පවතින්නේ වත්තල, පෑලියගොඩ, ජා-ඇල, කඩවත, රාගම සහ මීගමුව යන පොලිස් බල ප්‍රදේශ පමණක් බවද එම නිවේදනයේ දැක්වේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති සෙසු පොලිස් බල ප්‍රදේශ හෙට (15) අලුයම 5 සිට එම හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම කොළඹ හා ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල දැනට හුදකලා කර ඇති පොලිස් බල ප්‍රදේශද හෙට අලුයම 5 සිට එම හුදකලා බවින් ඉවත් කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටී.

අදාළ නිවේදනය පහත දැක්වේ.

Info Press RE 433

Info Press RE 433 1

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top