Nov 19, 2020

කොළඹ හිඟන්නන් ඇල්ලීමට පොලිස් කණ්ඩායම් යොදවයි!

කොළඹ සංඥා පුවරු අසල සිටින යාචකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද (19) සිට ආරම්භ කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කියා සිටින්නේ ඒ සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවයි.

පසුගිය අගෝස්තු මාසයේදී කොළඹ මධ්‍යම කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු අනුව පිටකොටුව සහ ඒ අවට ප්‍රදේශවල සැරිසරමින් සිටි වීදි ගණිකාවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්ද මේ අයුරින් ක්‍රියාත්මක විය.

දර්ශන අනුග්‍රහය - හිරු

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top