Nov 19, 2020

නීතිපති පාස්කු කොමිසමට දුන් ප්‍රකාශ සහ සාක්ෂිවල පිටපත් ඉල්ලයි 

පාස්කු ඉරිදා ජනාධිපති කොමිසම හමුවේ ඇතැම් සාක්ෂිකරුවන් දුන් ප්‍රකාශ සහ සාක්ෂිවල පිටපත් සපයන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සැකකරුවන්ට එරෙහි චෝදනා සළකා බැලීම වෙනුවෙන් එම ඉල්ලීම කල බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top