Nov 19, 2020

ඊයේ ඇති වූ භූ කම්පනය ගැන සොයන්න කණ්ඩායමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරගම, අනුරගම ,දිගන සහ අඹකොටේ යන ප්‍රදේශවලට ඊයේ (18) ඇති වූ භූ කම්පන තත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් අද යොදවා ඇති බව භූ විද්‍යාපතල් සමීක්ෂණ කාර්යාංශය සඳහන් කරයි.

මේ වන විටත් ඒ පිළිබද කරුණු අධ්‍යනයකින් සිටින බවද ඉක්මනින් මේ සම්බන්ධව දැනුම් දීමට හැකියාව ලැබෙනු ඇති බවද එහි සභාපති අනුර වල්පොළ මහතා පවසයි.

මෙම භුක්ම්පනයේ ප්‍රබලත්වය පල්ලෙකැලේ සහ මහකනදරාව පිහිටි භූකම්පන මාපකයන් හී සනිටුහන්වී ඇති අතර එය ඒකක 2 -2.5ත් අතර අගයකින් යුක්ත බවයි භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේය.

පොළව යටින් විශාල ශබ්දයක් ඇතිවූ බවත් විනාඩි 2ක් පමණ මෙම සෙලවීම තිබුණු බවද නිවාසවල වහලවල් හා වීදුරු ජනෙල් පවා හඩ නගමින් සෙලවුණු බවද ප්‍රදේශවාසීන් පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ද වික්ටටෝරියා ජලාශය අවට ඇති ගුරුදෙණිය, හාරගම අනුරගම සහ පල්ලෙකැලේ අවට බොහෝ ප්‍රදේශවලට කිහිප අවස්ථාවකදී පොලවේ සෙලවීම් ඇතිවිය.

සබැඳි පුවත්

මහනුවර ප්‍රදේශ කිහිපයකටම භූ කම්පනයක්

නුවර සිදුවූ භූ කම්පන ගැන සුළුවෙන් තකන්න බෑ !

නුවර යළිත් හෙල්ලෙයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top