File Photo File Photo
Nov 19, 2020

සේවයට නොපැමිණි ජේලර් ලාට දෙපාර්තමේන්තුවෙන් රතු එළි

බන්ධනාගාර ආශ‍්‍රිතව මතුවූ කොරෝනා පොකුර හේතුවෙන් සියළු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළද තවමත් රාජකාරී සඳහා වාර්තා නොකල බන්ධනාගාර නිළධාරීන් සේවය හැරගියා සේ සලකා කටයුතු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව පසුගිය සඳුදා (16) පෙරවරු 8ට පෙර සිය සේවා ස්ථානයට වාර්තා කරන්නැයි නිවාඩු ගොස් සිටි නිලධාරීන්ට බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් ඇත.

බොහෝ නිළධාරීන් සේවයට වාර්තා කර ඇති බවද එහෙත් මෙම නියෝගය නොසලකා කටයුතු කල නිළධාරීන් සම්බන්ධයෙන් පියවර ගන්නා බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් පැවසීය.

මේ වන විට බන්ධනාගාර පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් ගණන 531කි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top