Nov 19, 2020

LTTE මහවිරු සැමරුමට තහනම් නියෝග -  ආරක්‍ෂක අංශ විමසිල්ලෙන්  

අදාළ පොලිස් ස්ථාන කල ඉල්ලීම් සැළකිල්ලට ගෙන ලබන සතියේදී එල්. ටී. ටී. ඊ. මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම වළක්වාලමින් වවුනියාව සහ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ විසින් තහනම් නියෝග 02 ක් නිකුත් කර තිබේ.

මන්නාරම අධිකරණය විසින් පුද්ගලයන් 05 දෙනෙකුට සහ වවුනියාව අධිකරණය විසින් පුද්ගලයන් 08 දෙනෙකුට එරෙහිව බලපැවැත්වන පරිදි මෙම තහනම් නියෝග නිකුත් කර ඇත.

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ මෙම නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

උතුරේ මහවිරු සැමරුම් ගැන ආරක්‍ෂක අංශ නිරීක්‍ෂණයෙන්

උතුරු පලාතේ ඉදිරියේදී සමරනු ලබන මහවිරු සැමරුම් සියල්ලක්ම නිරීක්ෂණය සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ අනුව මහවිරු සැමරුම් සැමරීමේදී නීතිවිරෝධී අයුරින් ත්‍රස්ත සංවිධානයක් හෝ ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙකු දර්ශනය කරමින් සිහිපත් කොට සමරනු ලබන්නේනම් එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තීතිමය පියවර ගනු ලැබේ.

එමෙන්ම මහවිරු සැමරුම් සැමරෙන සුසාණ භූමි මේ දින විවිධ දේශපලඥයින් හා සංවිධාන මගින් සුද්ධ පවිත්‍ර සිදු කිරීමේ කටයුතු වල නිරත වන අතරම එම පිරිස් වලින් නිරෝධායන නීතියට අනුව ප්‍රකාශ ලබා ගැනීමටද උතුරේ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top