Nov 20, 2020

තවත් කොරෝනා මරණ 4ක් !

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් සිවු දෙනකු ඊයේ (19) දිනයේදී මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කොළඹ 15 සහ කළුතර ප්‍රදේශවල පදිංචි අවුරුදු 27 ක සහ 59 ක කාන්තාවන් දෙදෙනෙක්ද, කොළඹ 10 සහ කළුතර ප්‍රදේශවල පදිංචි අවුරුදු 70 ක සහ 86 ක පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් අද දිනයේදී මිය ගිය පුද්ගලයන් අතර වෙති.
 
මෙම මරණ 4 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 73 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.‍
 
Info Press RE 451
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top