Nov 20, 2020

IDH වලින් පැනගිය දරුවා හමුවෙයි : මව සොයා මෙහෙයුම්

කොළඹ අයි.ඩී.එච්. මූලික රෝහලේ කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී මව හා පලාගොස් සිටි දරුවා ඇහැළියගොඩ යාය පාරේ නිවසක සිටියදී සොයාගෙන තිබේ.

ආසාදිත මව ඇහැලියගොඩ පිහිටි මෙම නිවසට පැමිණ දරුවා නිවැසියන්ට භාර දී පලා ගොස් ඇති බව පැවසේ.

මේ වනවිට එම නිවසේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇතැයි ද පොලිසිය කියා සිටී.

පළා ගොස් ඇති 26 හැවිරිදි මව සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කළේය.

අයි ඩී එච් රෝහලේ වාට්ටු අංක 04 හි ප්‍රතිකාර ලබමින් සිටි ඇහැළියගොඩ පදිංචි මොවුන් දෙදෙනා ඊයේ රාත්‍රී 9.10ට පමණ පළාගොස් තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top