Nov 20, 2020

රිදී තිරයේ චන්ඩියා අත්අඩංගුවට

නිරෝධායන සෞඛ්‍ය නීති කඩ කරමින් පොලීසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි පවසමින් ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරූ මහතා අද (20) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම රංගන ශිල්පියා මුඛ ආවරණයක් නොමැතිව රජය විසින් ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මුඛ ආවරණය පැළද නොසිටීම හේතුවෙන් මුඛ ආවරණයක් පැළද එම ස්ථානයට පැමිණෙන ලෙස පොලිස් නිලධාරින් විසින් අවවාද කිරීමට ගිය අවස්ථාවේදී රංගන ශිල්පී විල්සන් කරූ විසින් පොලීසියට පහරදීමට උත්සාහ දැරූ බව පොලිසිය කියයි.

සැකකාර රංගන ශිල්පියාගෙන් මේ වන විට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top