Nov 20, 2020

විල්සන් කරූට ඇප: නීතීඥයෝ 5ක් නිකන් පෙනී සිටියි: පොලිසියට විවේචන

රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට යාමේදී නිරෝධායන නීති කඩකළ බවත්, පොලිස් රාජකාරියට බාධා කළ බවත් කියමින් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රවීන සටන් නළුවකු වන වින්සන් කරුණාරත්න මහතා ඇපමත මුදාහැර තිබේ.

ඔහු වෙනුවෙන් නීතීඥයින් පස්දෙනෙකු නොමිලේ පෙනී සිටීම ද විශේෂ සිද්ධියකි.

කිරුළපන පොලිසිය විසින් කරූ මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.

කරූ සිනමාවේ දුෂ්ඨයා - සැබෑ ජීවිතේ අහිංසකයෙක්

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රවීන නළු සැන්ඩෝ හැරිස් මහතා කියා සිටියේ සිනමාවේ දුෂ්ථයෙක් වුවද, සැබෑ ජීවිතයේ වින්සන් කරූ කියන්නේ අහිංසකම පුද්ගලයෙක් බවයි.

තනිකඩයෙක් වන කරූ, සතුන් 25කට 30කට පමණ කන්න බොන්න දෙන බවත්, සතුන් වෙනුවෙන් යමක් ලැබෙනව නම් එය ලබා ගැනීම සඳහා ඔහු ගොස් සිටියදී මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇති බව ඔහු සඳහන් කළේය.

මේ අතර නීතීඥ කැළුම් හේවගේ මහතා කියා සිටියේ මෙවැනි සිද්ධියක් නැවත මේ රටේ සිදුවීමට නොදිය යුතු බවයි.

කෙසේවුවද, මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ලවී තිබේ.

එසේ එල්ලව ඇති විවේචන කිහිපයක් පහත දැක්වේ.

Karu 002

 

Karu 001

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top