Nov 21, 2020

කොරෝනා මර්දනයට කඳුරු තෙල් හොඳයි - මහාචාර්ය තිසේරා

ලෝකයේ කොරෝනා මැඩලීමේ ඖෂධයක් ලෙස කඳුරු තෙල් සම්බන්ධයෙන් කතා බහට ලක්ව ඇතැයි ආයුර්වේද වෛද්‍ය, මහාචාර්ය එම්.එච්.ඒ. තිසේරා මහතා කියයි.

වර්තමානයේදී විද්‍යාත්මක පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් හරහා කළුදුරුවල ඇති ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාව තහවුරු කර ඇති බවද වෛද්‍යවරයා සඳහන් කරයි.

කළුදුරුවල අන්තර්ගත ප්‍රධාන සක්‍රීය සංඝටකය වන Thymoquinone මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩි දියුණු කරන බව ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල රැසක් සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි ද පැවසේ.

මෙම සංඝටකය මගින් රුධිරයේ ඇති සුදු රුධිරාණු ප්‍රමාණය හා එහි ප්‍රබලත්වය ඉහළ නංවන අතර ශරීරයට ඇතුළු වන බැක්ටීරියා සහ වෛරස් වැනි විෂබීජ ඉන් විනාශ වන බවද මහාචාර්ය තිසේරා මහතා සඳහන් කරයි.

එනිසා COVID -19 වැනි වෛරසවලට එරෙහිව සටන් කිරීමට මෙම කළුදුරු සතුව විශාල හැකියාවක් ඇති බව සඳහන් කළ හැකි යැයි ඔහු කියා සිටී.

වසර 3000ක් තරම් පැරණි අතීතයකට හිමිකම් කියන කළුදුරු වර්තමානයේ ප්‍රතිශක්තිය වර්ධනයට ඇතුළු වෙනත් ලෙඩ රෝග ගණනාවකට ඖෂධයක් ලෙස භාවිත කරන බවද පැවසේ.

සොබා දහමින් එල්ල වුණු මේ වෛරස අභියෝගයට කළුදුරු තෙල් තේ හැන්දක් හෝ තේ හැඳි භාගයක පමණ ප්‍රමාණයක් මී පැණි ස්වල්පයක් සමග කලවම් කර උදෑසන කෑමට පසු දිනපතා පානය කළහොත්, ඔබටත් අට අනූවක් රෝග දෝසවලින් රැකෙන්නටත් නිරෝගී, සෞඛ්‍යවත් ජීවිතයකට උරුමකම් කියන්නටත් නිතැතින්ම හැකි වේ යැයි මහාචාර්ය එම්. එච්. ඒ. තිසේරා මහතා දිවයිනට පවසා තිබේ.

කදුරු විසයි - ප්‍රවේසමෙන් පරිහරණය කරන්න

කෙසේවුවද ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවූයේ ලංකාවේ කදුරු වර්ග තුනක් ඇති බවත්, සමහර කදුරු වර්ග වෙද හෙදකම් වලට යොදාගත්තද කදුරු විශ සහිත ශාඛයක් බවයි.

වෙදකම් වලට යොදා ගැනීමේදී විශ නසා බාවිතයට ගැනෙන බව පැවසේ.

  • දිවි කදුරු

දිවි කදුරු ශාකයම විෂ සහිත අත්තන වල විෂට සමාන විෂකින් යුක්ත වන බවත්, මින් සිහිමද ගතිය බඩ විරේක වීම, නිදිමත, නාඩි වැටීම වේගවත් වීම ආදිය තත්ත්වයන් මතුවන බවයි.

  • ගොඩ කදුරු

ගොඩ කදුරුවල භයානක විෂ වර්ගයන් වන ස්ට්‍රික්නයින් සහ බෘසින් අඩංගු බැවින් අතිශයින් භයානක බවද කියවේ.

මෙහි ඇට 2,3ක් වැනි සුලු ප්‍රමාණයක් ශරීරගත වීමෙන් පවා මරණය සිදුවිය හැකි බවද පැවසේ.

මේවායින් ස්නායු පද්ධතියට හානි වීම, ශරීර උෂ්ණත්වය ඉහලයාම, වකුගඩු අක්‍රියවීම ආදියට ලක්වීමෙන් ඉතාම වේදනාත්මක මරණයකට ගොදුරු වීම පවා සිදුවිය හැකි බව වාර්තා වේ.

  • වෙල් කදුරු

වෙල් කඳුරු අතීතයේ සිට වෙස් මුහුණු සෑදීම සඳහා භාවිතයට ගන්නා ලී අතර වඩාත්ම ප්‍රචලිත එකකි.

වෙල් කදුරු ගෙඩි ඉතා විෂ සහිත වන අතර ආහාරයට ගැනීමෙන් කරකැවිල්ල, වමනය, බඩේ අමාරුව සහ පාචනය ඇතිවිය හැකි බව පැවසේ.

ඉහත සඳහන් ශාක වල විෂ ශරීර ගත වූ වහාම රෝගියාට වමනය කිරීමට සලස්වා හැකි ඉක්මණින් රෝහල් ගත කිරීමට වග යුතු බවද පැවසේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top