Nov 21, 2020

අටුලුගමට යළිත් අගුළු වැටෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශය හුදකලා කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඊයේ (20) වැනිදා කොවිඞ් ආසාධිතයන් 17 දෙනෙකු හමුවීම ඊට හේතුව බව කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ සමඟම අටුලුගමින් ආසාධිත රෝගීන් 22ක් වාර්තා වන අතර බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයේ සමස්ත රෝගී සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top