Nov 21, 2020

CD පොලිස්පති කරන්න GR නිර්දේශ කරයි Featured

වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කරන සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාවට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

ඔහු වසරකුත් මාස 7ක කාලයක් වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කළේය.

ලබන 23 සඳුදා සවස පාර්ලිමේන්තු සභාව කැඳවා ඇත්තේ ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට බවද පැවසේ.

1986 සිට වසර 33ක කාලයක් පොලිසියේ සේවය කළ සී.ඩී. වික්‍රමරත්න මහතා වසර 9ක කාලයක් ජාතික බුද්ධි අංශයේ සේවය කළ අයෙකි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හා නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස කටයුතු කර ඇති හෙතෙම 2006 වසරේ යාපනයේ මුහමාලේ සටන ජයග්‍රහණය කරන ලද අවස්ථාවේ යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස කටයුතු කරමින් සිටියේය.

ඔහු මෙයට පෙර වාර 13ක් වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කර තිබේ.

2019 අප්‍රේල් මස 26 වැනිදා සිට මේ දක්වා වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ ඔහු පසුගිය කාලය පුරාම පරිපාලන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද ක්‍රියා කරමින් සිටියේය. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top