Nov 21, 2020

රෝහලෙන් පැන්න කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම්

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

වයස අවුරුදු 25 ක් වන අදාළ කාන්තාව තවදුරටත් අතුරුදන්ව සිටීම හේතුවෙන් ඇයගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.  

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැළියගොඩ පදිංචි මවක්, එම රෝහලේම සිටි වයස අවුරුදු දෙකක් පමණ වන සිය දරුවාද සමග පෙරේදා රාත්‍රියේ රෝහලෙන් පළාගොස් තිබු අතර එහිදී ඇගේ දරුවා ඇය සියි නිවසේ ඥාතීන් වෙත භාරදී සිටිය දී ඊයේ (20) සොයාගැනුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top