Nov 21, 2020

අයවැය දෙවැනි වර කියැවීම වැඩි ඡන්දයෙන් සම්මතයි Featured

2021 අයවැය දෙවන වර කියැවීම අද (21) වැඩි ඡන්ද 99 කින් සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 151 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52 ක් පමණි.

පසුගිය 17 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් 2021 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව 18 වැනිදා සිට අද දක්වා අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විය.

ලබන සඳුදා සිට අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන අතර එය ලබන මස 10 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

අයවැය කාරක සභා අවස්ථා ඡන්ද විමසීම ලබන මස 10 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top