Nov 21, 2020

බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 600 පන්නයි

කුරුවිට බන්ධනාගාරයෙන් ඊයේ(20) දිනයේ නව ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔවුන්ගෙන් 13 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර දෙදෙනෙකු නිලධාරිනියන් වේ.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර බන්ධනාගාර ආශ්‍රිතව මේ වන විට කොවිඩ් - 19 ආසාදිතයින් 617 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන්ගෙන් කොවිඩ් ආසාදිතයින්ගෙන් 578 දෙනෙකු රැඳවියන් වන අතර අනෙක් 39 දෙනා නිලධාරීන් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය..

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top