Nov 21, 2020

කරූ බලාගන්න ඉදිරිපත් වූ නිශ්ශංකට සමාජ මාධ්‍ය පැසසුම්!

රජයෙන් ලබාදෙන රුපියල් 5000ක මුදල ලබා ගැනීමට යාමේදී නිරෝධායන නීති හා පොලිස් රාජකාරියට බාධා කළේ යැයි ඊයේ (20) අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රවීන රංගන ශිල්පී විල්සන් කරූ මහතාට මාසිකව රුපියල් 30,000ක මුදලක් ලබාදීමට ඇවන්ට්ගාඩ් මෙරිටයිම්ස් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඉදිරිපත්ව තිබේ.

ඔහු මේ දීමනාව කරූ මහතා ජීවත්ව සිටින තුරුම ලබාදීමට නියමිත බවද පැවසේ.

නිශ්ශංක මහතාගේ මැදිහත්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ඔහුට විශාල ප්‍රතිචාරයක්ද ලැබී තිබේ.

සබැඳි පුවත්
විල්සන් කරූට ඇප: නීතීඥයෝ 5ක් නිකන් පෙනී සිටියි: පොලිසියට විවේචන

රිදී තිරයේ චන්ඩියා අත්අඩංගුවට

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top