Nov 22, 2020

කොළඹ හා ගම්පහ පොලිස් බල ප්‍රදේශ 18ක් තව දුරටත් LOCKDOWN Featured

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 18ක් තවචුරටත් හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ ග්‍රාම නිළධාරි වසම් 07 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇත.

ඒ බෝගහවත්ත, බමුණුමුල්ල මුස්ලිම් ග්‍රාම නිළධාරි වසම, කිරිමන්තුඩාව, කෝරාවල, අටුලුගම, බමුණුමුල්ල, ගලහමණ්ඩිය යන ග්‍රාම නිලධාරී වසම් හත වේ.

මීට අමතරව බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව, කොම්පඤ්ඤ වීදිය, ජා- ඇල සහ කඩවත පොලිස් බල ප්‍රදේශ හුදෙකලා (Lockdown) කිරීම හෙට (23) අලුයම 5.00 ට ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවුවද, බොරැල්ල, වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤ වීදිය, වෑකන්ද ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදෙකලා (Lockdown) කර තිබේ.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Info Press RE 459 Nov 22 20 1

Info Press RE 459 Nov 22 20 1

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top