Nov 22, 2020

වරායේ තදබදයෙන් යුරෝපා නැව් ගාස්තු 50% කින් ඉහල ගිහින් Featured

කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තය, දකුණු ආසියා පිවිසුම් පර්යන්තය හා කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය යන අංශ තුනෙන්ම මේ වන විට කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් පවතින් අතර බොහෝ පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට ද යොමුකර ඇතැයි පැවසේ.

කෙසේවුවස, පවත්නා තත්වය හමුවේ අර්බුද රැසකට මුහුණපා සිටින කොළඹ වරාය නැවත යථා තත්වයට පත්කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය  අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පසුගිය අඟහරුවාදා  (17) රජය විසින් ප්‍රකාශට පත් කර තිබේ.

ද සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇති ආකාරයට අපනයනකරුවන් සහ වෘත්තීය සමිති වරායේ සෞඛ්‍ය මාර්ගෝපදේශවල ලිහිල් කිරීමක් දැක ඇති අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස වරාය පුරා වසංගතය පැතිරීම නිසා එහි සේවකයින් තම ආරක්ෂාව පිළිබඳව බියෙන් පසුවන බවද පැවසේ.

මීට පෙර නිරෝධායන නීති යටතේ හුදකලා කිරීමෙන් පසු සෞඛ්‍ය රෙගුලාසි දැඩි ලෙස අනුගමනය නොකළ බව වාර්තා වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සේවකයින් රාජකාරි සඳහා වාර්තා කර දින 14 ක් රැඳී සිට, ඉන් අනතුරුව ඔවුන් PCR පරීක්ෂණයකට භාජනය කර නිවෙස් වලට පිටත් කර යැවීමට ජය බහාලුම් පර්යන්තය එකඟ වී තිබේ.

සේවකයින් සංඛ්‍යාව අඩුවීමත් සමඟ වරාය තුල තදබදයක් ඇතිවීම ආරම්භ වී ඇත.

නැව් ගණන අඩුවීම සහ වරායේ ඇති නැව් තුල ඇති ඉඩකඩ අඩු වීම හේතුවෙන් එම නැව්වල ඉඩ ලබා ගැනීම දුෂ්කර වීම හේතුවෙන් අපනයනකරුවන්ට භාණ්ඩ පැටවීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි ද පැවසේ.

මීට අමතරව, ඉල්ලුම වැඩිවීම හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉතා දැඩි ලෙස ඉහළ ගොස් තිබේ.

ආනයනකරුවන් පවසන්නේ සමහර නැව් මාර්ගය වෙනස් කරමින් වෙනත් කලාපීය වරායන් වෙත නැවත ගමන් කරන බැවින් ඔවුන්ගේ භාණ්ඩ එවීම දුෂ්කර බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම භාණ්ඩ වෙනත් නැව් හරහා කොළඹට ගෙන ඒමට වැඩි මුදලක් වැය කිරීමට සිදුව ඇත.

යුරෝපයට භාණ්ඩ යැවීමේදී නැව් ගාස්තු  සියයට 50 කින් සහ ඕස්ට්‍රේලියාව වැනි සමහර ප්‍රදේශවලට නැව් ගාස්තුව සියයට සියයකින් පමණ ඉහළ ගොස් තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top