Nov 22, 2020

විල්පත්තු තීන්දුවට එරෙහිව රිෂාඩ් ශ්‍රේෂ්ඨාධිකරණයට !

විල්පත්තුවේ කල්ලාරු හි වන වගා කරන ලෙසට අභියාචනාධිකරණය නිකුත් කළ තීන්දුවට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා කියයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් ඔස්සේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තම පෞද්ගලික වියදමින් කල්ලාරු රක්ෂිතයේ නැවත වන වගා කරන ලෙස අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පසුගිය දා නියෝග කළේය.  

විල්පත්තු අභය භූමියට අයත් කල්ලාරු රක්ෂිතය එළි කිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබේ.

එහිදී පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රයට නැවත නඩු ගාස්තු ගෙවන ලෙස ද අභියාචනාධිකරණය බදියුදීන් මන්ත්‍රීවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

ඒ සම්බන්ධයෙන් වන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය සඳහන් කර ඇත්තේ එම රක්ෂිතය එළි කිරීම නීති විරෝධී බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top