Nov 22, 2020

"දුම්බීමෙන් කොරෝනා වැළඳීමේ සම්භාවිතාව වැඩියි” - සිගරට් පැකට්ටුවට Featured

"දුම්බීමෙන් කොරෝනා වැළඳීමේ සම්භාවිතාව වැඩියි” යන යෙදුම සිගරට් පැකට්ටුවට ඇතුළත් කරන ලෙස තමා දුම්වැටි නිෂ්පාදන සමාගම්වලින් ඉල්ලා සිටීමට සැලැසුම් කර ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ පැවසීය.

මේ ඉල්ලීම දුම්වැටි නිෂ්පාදන සමාගම්වලින් ප්‍රසිද්ධියේ ඉල්ලීමට තමා කටයුතු යොදා ඇතැයි ද ඔහු කීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු වෛද්‍ය විශේෂඥයින් කොවිඩ් 19 ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක් බව මේවන විට තහවුරු කර ඇති බැවින්ද, එසේම දුම්පානයෙන් පෙනහළු අක්‍රියවීම සිදුවන බව මේවන විට පර්යේෂණ මගින් සනාථව ඇති නිසාත්, දුම්පානයෙන් කොඩිඩ් 19 වැළදීමේ සම්භාවිතාව වැඩි බැවින් මේ යෝජනාව තමා කරන බවද ඔහු කීය.

එසේම එය පාර්භෝගිකයාට දැන ගැනීමේ අයිතියක් ද අතැයි කී ඒ මහතා මේ යෝජනාව දුම්වැටි නිෂ්පාදකයින්ට ඉදිරිපත් කරන පළමු පුද්ගලයා තමා බවද ඔහු සධහන් කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA), 2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත විසින් පිහිටුවන ලද පුරෝගාමී රාජ්‍ය ආයතනයකි.

මද්‍යසාර සහ දුම්කොළ වැළැක්වීම සඳහා නීතිමය කරුණු පැනවීම මෙය පිහිටුවීමේ අරමුණයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන පිළිබඳ නීතිමය රාමුව ප්‍රථම ගෝලීය සෞඛ්‍ය ගිවිසුම වන අතර එය 2003 වසරේදී දුම්කොළ වසංගතය ගෝලීයකරණය වීමට ප්‍රතිචාරයක් වශයෙන් රටවල් අතර ඇති කර ගන්නා ලදී.

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ගැටළුවට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් අවධානය යොමු කර ඇති අතර ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන පිළිබඳ නීතිමය රාමුවට අත්සන් කළ පළමු රටවල්වලින් එකකි.

සාක්ෂි මත පදනම් වූ දුම්කොළ පාලන පියවර ක්‍රියාත්මක කිරීමට ඉහත ගිවිසුමට යටත් වූ රටවලට නීතිමය බැඳීමක් පවතී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top