Nov 22, 2020

ඇමරිකාවේ කොරෝනා රෝගීන්  මිලියන 12 ඉක්මවයි Featured

ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන, කොවිඩ් -19 හා සම්බන්ධ දෛනික මරණ සංඛ්‍යාව මැයි මාසයෙන් පසු පළමු වරට 2,000 ඉක්මවා ඇත.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් රැස් කරන ලද දත්ත වලට අනුව, මේ වන විට රට තුළ ආසාදිතයන් මිලියන 12 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 255,000 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබේ.

මෙය ලෝකයේ වැඩිම කොවිඩ් -19 මරණ සංඛ්‍යාවයි.

පසුගිය සිකුරාදා නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන වලට අනුව නව ආසාදිතයින් 187,000 ක් පමණ රටපුරා වාර්තා වී ඇති අතර එය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම රෝගීන් ගණන වේ.

මෙම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රාන්ත කිහිපයක් මුහුණු ආවරණ පිළිබඳව නව නීති පනවා ඇත.

රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා නොවැම්බර් 26 වන දිනට යෙදෙන නිවාඩු දිනය (Thanks Giving Holiday) සඳහා සංචාරය කිරීමෙන් වළකින ලෙස එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ( Centers for Disease Control and Prevention) එරට වැසියන්ගෙන් ඉල්ලා තිබේ

මුලාශ්‍රය- බීබීසී

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top