Nov 25, 2020

නිවාර් ගේ බලපෑම් හෙට සිට අඩු වීමක් 

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදුු ප්‍රදේශයේ පවතින නිවාර් චන්ඩ සුළි කුණාටුව මගින් දිවයිනේ කාළගුණයට වන බලපෑම හෙට දිනයේ සිට ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර ඉදිරි පැය 36 ක කාලය තුළ වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් යාපනය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස 02 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top