මේ වන විට පොලිසියේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇතැයි පැවසේ.
මීට පෙර ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු Covid-19 වැළඳී ඇතැයි සනාථ වීමත් සමග එම පොලිස් ස්ථානයද තාවකාලික වසා දැමීමට පියවර ගෙන තිබුණි.
මෙම පොලිස් ස්ථානයේ සියලු පොලිස් නිලධාරීන් හා ආශ්‍රිතයන් නිරෝධායනයට ලක්කර ඇති බවත් විෂබීජහරණ කටයුතු සිදුකිරීමෙන් පසු මෙහි වැඩකටයුතු යළි ආරම්භ කිරීමට නියමිත බවද වාර්තා වේ.
තවද, Covid-19 වැළඳුනු පුද්ගලයන් හමුවීමෙන් පසුව කොළඹ 02 ප්‍රදේශයේ පිහිටි ඉදිකිරීම් වැඩබිමක් ද හුදකලා කර තිබුණි. මෙම ප්‍රදේශයෙන් Covid-19 රෝගීන් 43ක් ඊයේ දිනයේදී සොයාගත් බව කොවිඩ් 19 කාරක සාධක බලකාය පවසයි.