Nov 25, 2020

අද කෝවිඩ් රෝගීන් 502යි (Update)

අද දිනයේදී (25) Covid-19 ආසාදිතයන් 502ක් වාර්තා වී තිබේ.

ඔවුන් සියලුදෙනාම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වේ.

ඒ අනුව අද දිවුලපිටිය - පෑලියගොඩ පොකුර 17,938ක් දක්වාද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 21,469ක් දක්වාද වර්ධනය වී ඇත.

-------------------------

(පෙර පුවත : 2020 නොවැම්බර් 25 ප.ව. 06.59)

කොරෝනා රෝගීන් 21,000 පන්නයි

අද (25) දිනයේදී මේ දක්වා Covid-19 ආසාදිතයන් 294ක් වාර්තා වීමත් සමග මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් ගණන 21,000 ඉක්මවා තිබේ.

අද දින හමුවූ ආසාදිතයන් සියල්ලම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වේ.

ඒ අනුව දිවුලපිටිය - පෑලියගොඩ පොකුර 17,730ක් දක්වා වර්ධනය වී ඇත.

මේ අතර, වසංගත විද්‍යා අංශය විසින් අද ප.ව. 6.15ට පළ කළ නවතම වාර්තාවට අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 21,261ක් දක්වාද වැඩිවී තිබේ.

මේ වන විට රෝගීන් 5,720 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 15,447 ක් බවත්, මේ දක්වා Covid-19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 94ක්ද බවත් දැක්වේ.

Info Press RE 469 Nov 25 2020

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top