Nov 26, 2020

සාමාන්‍ය පෙළ ගැන තීරණය දින 10ක් ඇතුළත Featured

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ දිනට පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දින 10 ඇතුළත තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

බස්නාහිර පළාත ඇතුළු පාසල් වසා දමා ඇති සෙසු ප්‍රදේශවල පාසල් දෙසැම්බර් මස මුල සතියේ විවෘත කිරීමට නොහැකි නම් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීම පිළිබඳව සලකා බැලීමට සිදුවන බව ද අමාත්‍යවරයා සදහන් කරයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස 18 වැනිදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top