තමා රුපියල් 5000ක් ගෙන ඒම සඳහා කොරෝනා ආධාර පෝලිමට ගියේ තම උවමනාවකට නොව වයසක අම්මා කෙනෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් බව ද ඔහු පවසයි.
එහිදි සිදු වූයේ පොලිසියේ නිලධාරියෙක් තමන් තල්ලු කර දැමූ විට තමා විසින් ඔහු ද තල්ලු කිරීම පමණක් බවත් පහරදීමක් සිදු නොකළ බවත් ඔහු කියා සිටියි.
තමන් පොලිසියට ගෙන ගිය අවස්ථාවේ කිසිවකු තමන් බලන්නට නොපැමිණි බවත් කතා කළේවත් නැති බවත් ඒ ගැන පසුතැවීමක් තමන්ට ඇතැයි ද ඔහු කියා සිටියේය.